(මතුගම බන්දු තඹවිට)
මතුගම ඉද්දගොඩ පදිංචිව සිටි තුඩුගලගේ දෝන කුසුමාවතී මාතාව ආභාවප්‍රාප්ත විය.
මිය යනවිට 79 වන වියේ පසුවූ එම මාතාව බටුවන්ගල කාරියකරනගේ රත්නපාල මහතාගේ දයාබර භාර්යාව වේ.
කළුතර දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක හා මතුගම ඉද්දගොඩ ශ්‍රී සුමනභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී වෙල්ගම ගුණසිරි හිමියන් ඇතුළු පුතුන් සිව් දෙනෙකුගේ සහ දියණියන් පස් දෙනෙකුගේ ආදරණීය මවකි.
දේහය මතුගම ඉද්දගොඩ නිවසේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර අවසන් ආගමික වතාවත් අද 30 දින සවස 2.30 ට නිවසේදී සිදුකර දේහය පිලිබඳ අවසන් කටයුතු සවස 5 ට මතුගම පාන්තිය ආදාහනාගාරයේදී සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd