IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දැන් පොලිසිය දැක්කම වේගය අඩු කරලා වැඩක් නෑ

“‘අධික වේගය මරු කැඳවයි‘” 


සැබැවින්ම එය වැකියකටත් වඩා යථාර්ථවාදී  මතයක පිහිටා තැනූවක් බව අවිවාදයෙන් පිළිගත යුතුය.  වර්තමානය වන විට නාගරීකරණයට ලක්වූ මාර්ගවල වාහන තදබදය අධික ලෙස වර්ධනය වී ඇත. 
ඒ නිසාම දෝ ශ්‍රී ලංකා පොලිසිය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වන ලද අති නවීන වේගමාපක උපකරණ 30 ක් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ජනවාරි මස 11 වැනිදා රථවාහන කොට්ඨාසයට ප්‍රදානය කරනු ලැබීය.
එම  වේගමාපක උපකරණයක්  රුපියල් ලක්ෂ පනහක් පමණ වන අතර, වේගමාපක උපකරණ සියල්ලටම රුපියල් කෝටි 9 කට වඩා අධික මුදලක් වැය වී ඇත.
අධික වේගයෙන් ගමන් කරන වාහන අල්ලා නඩු පැවැරීම සදහා මූලික අදියර ලෙස මීගමුව, කැලණිය සහ ගම්පහ යන කොට්ඨාසවලට සහ බස්නාහිර පළාත් රථවාහන දකුණ කොට්ඨාසයට මෙම වේගමාපක උපකරණ කට්ටල ලබා දී තිබුණි.  එම වේග මාපක උපකරණවල කාර්යක්ෂමතාව, තාක්ෂණික අංශය සහ එහි කාර්ය සාධනය  පිළිබඳව  කළ සාකච්ඡාවක සටහනකි මේ.


කිලෝ මීටර් 1 ක දුරක දී වේගය බලයි 


මෙම වේග මාපක උපකරණය නවීන තාක්ෂණික උපකරණයක් වන අතර, කිලෝමීටර් එකහක් මාරක් පමණ දුර සිට පැයට කිලෝමීටර් 250 ක්, 300 ක් පමණ වේගයෙන් එන වාහනයක අංකය සහ රියැදුරුගේ ඡායාරූප සුපැහැදිලිව ලබාගැනීමේ හැකියාව ඇත.
මෙම වේගමාපකයට හසුවන වාහනවල රියැදුරන්ට කිසිම මොහොතක තමා අධික වේගයෙන් නොපැමිණි බව පැවසිය නොහැක්කේ, මෙහි ඇති අධි තාක්ෂණික කැමරා පද්ධතිය සහ නිවැරදි දත්ත සටහන් නිසාමය. මෙම උපකරණයේ ඇති දත්ත ගබඩාව ගිගා බයිට් 64 ක් පමණ වේ.
අධිවේගී මාර්ගවල රාජකාරියේ යෙදී සිටින රථ වාහන නිලධාරීන්ට වේගමාපක උපකරණ සහ ඊට සම්බන්ධ කළ ටැබ් පරිගණකයක් ද ලබා දී ඇත. එහිදී අධික වේගයෙන් පැමිණෙන වාහන වේගමාපක උපකරණයෙන් හඳුනාගෙන ලබාගන්නා මෝටර් රථයේ අංක තහඩුව, වීඩියෝ දර්ශන සහ රියැදුරුගේ ඡායාරූප අධිවේගී පිටවුමේ සිටින නිලධාරීන්ට vpn   ජාලය ඔස්සේ යැවීමෙන් අනතුරුව අදාළ මෝටර් රථයට  එම ඡායාරූප සහ  වීඩියෝ පෙන්වා රථ වාහන  වරද පැහැදිලි කිරීම ද සිදු කෙරේ.
අධිවේගී සංචාරක කොට්ඨාසය මගින් අධිවේගී මාර්ගයේ යම් කිසි ස්ථානයක සිට නඩු ලබා ගැනීම සිදුකරන අතර, කිසිදු අවස්ථාවක අධිවේගී මාර්ගයේ මැද දූපතේ සිට නඩු ලබා නොගැනීමටත් - කිසිදු අවස්ථාවක සැඟවී සිට නඩු ලබා නොගැනීමටත්, පොලිසියට උපදෙස් ලබා දී ඇත. නවීන වේගමාපක යන්ත්‍ර තිහක් පොලිස් කොට්ඨාස තිහකට බෙදා දී ඇති අතර, ලංකාවේ පොලිස් කොට්ඨාස 45 ක් පවතින හෙයින් එම කොට්ඨාශ වලට තවත් වේග මාපක උපකරණ පනහක් මිලදී ගැනීමට ද පොලිසිය බලාපොරොත්තු වේ.


ජනවාරියේ නඩු 3500 ක් 


මෙම වේගමාපක උපකරණ යොදා ගනිමින් ඉකුත් ජනවාරි මාසයේ පමණක් නඩු  3500ක් පමණ ලබාගෙන ඇත. මේ අතර මෙම නවීන උපකරණ නොමැතිව අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් 2024 දී නඩු 34, 224 ක් ද, 2023 වසරේ 33,434 ක් ද ලබාගෙන ඇත. 
පොලිසියට ලබා දී ඇති නව වේගමාපක උපකරණ මගින් අධික වේගයෙන් ගමන් කරන මෝටර්රථ රියැදුරන් අට දෙනෙකුට පමණ දිනකට නඩු පැවරීමට බලාපොරොත්තුවේ. ඒ අනුව ඉහළ නිරවද්‍යතාවක් ඇති මෙම නව උපකරණ හරහා පසුගිය වසර දෙකට වඩා අධික වේගයෙන් ගමන් කිරීම සම්බන්ධ නඩු වැඩි විය හැකිය. ඒවා අඩු කරගත හැක්කේ නීත්‍යනුකූලව රිය පැදවීමෙන් පමණි. 
අධිවේගී සංචාරක කොට්ඨාසයට මෙවැනි අධිවේගී මාපක උපකරණ විසි පහක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ලබා දී තිබූ අතර, ඒ සඳහා වැය වූ මුදල මාස හයක් වැනි කෙටි කාලයක් තුළ ආවරණය කර ගැනීමට ද පොලිසියට හැකි වී ඇත.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ උපදෙස් පරිදි කිසිදු නිලධාරියකුට ඉලක්ක ගත (ටාගට්) නඩු ලබා ගැනීමට උපදෙස් ලබාදී නොමැති අතර, රියදුරන් බියට පත්කර මාර්ගයේ ගමන් කරන වාහන නැවැත්වීමට ද උපදෙස් ලබාදී නොමැත.


වාහන වැඩියි 


ලංකාවේ මුලින්ම වාහනයක් ලියාපදිංචි වී තිබුණේ - 1902 වර්ෂයේ දී වන අතර, මුල්ම කාර්රථය 1904 වර්ෂය ලියාපදිංචි කර තිබුණි. මීට දශයකයකට පමණ පෙර ලක්ෂ තිස්පහකට ආසන්න වාහන සංඛ්‍යාවක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබූ අතර, පසුගිය වසරේ දෙසැම්බර් වනවිට  මෝටර්රථ අසූ හතර ලක්ෂ පනස් හතර දාස් පන්සිය දහතුනක්  එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණි.
මාර්ග තදබදයට මූලික හේතුව වී ඇත්තේ, වාහන ලියාපදිංචි කිරීමට සාපේක්ෂව මහාමාර්ග පුළුල් නොවීම ය.
1983 වර්ෂයේ සිට වසර තිහක දී යුද්ධය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 27,000 ක් වුවත්, අද වනවිට  මාර්ග රියඅනතුරු හේතුවෙන් වසරකට 2600 ක් පමණ පුද්ගලයෝ මිය යන අතර - වසර දහයක දී 26,000 ක් පමණ මිය යති.
මහාමාර්ග වල සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධති මගින් නඩු ලබා ගැනීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මකව පවතින අතර, ඉකුත් වසරක කාලය තුළ සීසීටීවී දර්ශන මගින් නඩු දොළොස්දහස් පන්සියයක් පමණ ලබා ගෙනඇත. එම ක්‍රමවේදය මගින් මාර්ග වැරදි සිදුකරන රියැදුරන්ගේ වාහන ලියාපදිංචි අංකය ඔස්සේ දඩකොළ සහ නඩු පැවරීම් නිවසටම ලබා දෙන අතර, එම පුද්ගලයාට ළඟම ඇති පොලිසියෙන් තමාගේ වරදේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙන්වීමෙන් අනතුරුව නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකෙරේ.
ස්තුතිය - රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව  කොට්ඨාසයේ  නියෝජ්‍ය පොලිස්පති, ඉන්දික හපුගොඩ.

 



අදහස් (0)

දැන් පොලිසිය දැක්කම වේගය අඩු කරලා වැඩක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31432 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13702 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11039 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1048 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 289 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site