
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ තාජුදීන් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන පහක විමර්ශන දුරකතන වාර්තා නොමැතිකම හේතුවෙන් නතර වී ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවේය
"දැන් ඉතින් අල්ලයි තාජු දෙයින්ගේ වලිගේ" යැයිද ඔහු ප්‍රකාශ කළේය
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අධිකරණ සංවිධාන සහ විෂ වර්ග අබ්ං (සංශෝධන) පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදීය.
පහුගිය කාලේ විවිධ ඝාතනවලට උදව් කරපු අය දැන් ඉන්නේ ජනාධිපතිවරයා ළඟ බවද මන්ත්‍රීවරයා පැවසීය.
මුජිබර් රහුමාන් මහතා මෙසේද ප්‍රකාශ කළේය.
දුරකථන එක්ක සම්බන්ධ වුණු අපරාධ නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර ඒවා දේශපාලන ඝාතන. 2019 අගෝස්තු මාසයට පෙර ගත්තු සිම් කාඩ් ලියාපදිංචි කරන්න කියලා ගැසට් එකක් ගහලා. සමාගම්වල තොරතුරු නැතිලු. මොකද නීති කටයුතු යන්න බැහැලු. අපරාධ කරපු අය ඇවිල්ල රෙජිස්ටර් වේවිද. මෙන්න අල්ලපන් කියලා. මොකක්ද මේ කරන විහිලුව. හාන්ස්ගේ වුවමනාවටද මේ ගැසට්ටුව ගැහුවේ. මේක බරපතළ වරදක්. සන්ධ්‍යා එක්නැළිගොඩ මේ ආණ්ඩුව ගේන්න උදව් කළා. අද එයාට සාධාරණය ඉෂ්ට වෙලා නැහැ.කාලි තාත්තගෙන් මේ වැඩේ වෙන්නේ නැති නිසා අද එයා කාලි අම්මා ළඟට ගිහින් තියෙනවා. පොල් ගහන්න පටන් අරන් තියෙනවා. ඹයාලා පරිස්සම් වෙන්න.
දුරකථන සමාගම්වලට වගකීමෙන් ගැලවෙන අවස්ථාව මේ ගැසට්ටුවෙන් ලැබිලා තියෙනවා. අද සිම් කාඩ් විස්තර නැති නිසා ලසන්තගේ ඝාතන නඩුව නතර වෙලා. තාජුදීන් ඝාතනය දුරකථන ගැටලුව නිසා නතර වෙලා. එ් සිද්ධිය වුණු දවසේ අරලියගහ මන්දිරයේ ඉඳලා නාරාහෙන්පිට පොලිස් ස්ථානාධිපතිට දුරකථන ඇමතුම් හැට ගණනක් ගිහින් තිබුණා. දැන් ඒක හොයාගන්න විදිහක් නැහැ. කවුද එතකොට ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක හිටියේ හාන්ස් විජේසූරිය. අද ජනාධිපතිගේ උපදේශක. තාජුදින් අල්ලන්න පුළුවන්ද. එදා එයා දුරකථන දත්ත දුන්නේ නැහැ. එදා රාජපක්ෂගේ යාළුවා. අද ඔයාලගේ යාළුවා.
ඔය සිද්ධිය අනතුරක් කියලා ලියපු ඕ.අයි.සී මහත්තයා අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක. රණවක මහත්තයා. ඉතින් තාජුදීන් අල්ලනවද. අල්ලයි වලිගේ. ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය බලන්න. ඒ දුරකථන වාර්තාවත් නැහැ. සිවරාම් සිද්ධියටත් තියෙන්නේ ඔය ප්රශ්නය. ජනාධිපතිතුමා කිව්වා ආපු ගමන් අල්ලනවා කියලා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කිව්වත් ඇත්තනම් පිලිගන්න වෙනවා. ආණ්ඩුව ක්‍රියාත්මක වියයුතුයි මේකෙ කමෙන්ට් දාන ද්වේෂගවේෂී ගුණරත්නට මේක අදාල නෑ.