
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ( කෝප් කමිටුව )සාමාජිකයෝ පිරිසක් කාර්මික තාක්ෂණ ආයතනයේ(ITI) නිරීක්ෂණ චාරිකාවක ඉකුත් 17 වැනිදා නිරත වෙමින් එහි වත්මන් තත්වය, පහසුකම් සහ අඩුපාඩු නිරීක්ෂණය කළහ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මෙම කණ්ඩායමට නායකත්වය දුන්නේය.
නිරීක්ෂණ චාරිකාවේ අරමුණ ආයතනයෙන් සමාජයට සිදුවන කාර්යභාරය පිළිබඳව අවබෝධයක් ගැනීම හා රජයේ වැඩ පිළිවෙලට මෙම ආයතනයෙන් ගත හැකි දායකත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම බවත් සංචාරය සංවර්ධනීය අපේක්ෂාවෙන් කරනු ලබනන්නක් බවත් කාරක සභාවේ සභාපතිවරයා කාර්මික තාක්ෂණ ආයතනයේ නිලධාරීන්ට මුලින්ම පැවැසීය.
කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මිය ආයතනයේ කාර්යභාරය විස්තර කළාය.
මෙම ආයතනය මෙරට ඇති ඉහළම මට්ටමේ පර්යේෂණාගාර සහ පරීක්ෂණාගාර පහසුකම් සහිත පර්යේෂණ (Research) හා පරීක්ෂණ (Testing) යන අංහ දෙක සඳහාම පහසුකම් ඇති ලංකාවේ පවතින එකම ආයතනය වේ. කාර්මික තාක්ෂණ ආයතනයේ ප්‍රතීතනය (Accreditation) සහ ජාත්‍යන්තර පිළිගැනීම, ආයතනය සතු සුවිශේෂී තාක්ෂණික හැකියාවන් විශේෂ පරීක්ෂණ සේවා සහ පහසුකම්, ගල් අඟුරු පරීක්ෂාව පිළිබඳ ගැටලුව (Coal Testing) සහ ඖෂධ සහ ලිහිසි තෙල් පරීක්ෂණාගාර අඩපණ වීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.
මහාමාර්ග (Highways) සහ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ශබ්ද පරීක්ෂණ (Sound Testing) සහ ධ්වනි සැලසුම් නිර්මාණය කරන්නේද මෙම ආයතනයයි. ලංකාවට ගෙන්වන ගල් අඟුරු පරීක්ෂාව පිළිබඳ ගැටලුව (Coal Testing) සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ
ලංකාවට ගෙන්වන ගල් අඟුරු පරීක්ෂා කිරීමට විදේශීය ආයතන වෙත මාස හයක කාලයක් සඳහා රුපියල් කෝටි 3ක් පමණ ගෙවනු ලැබේ. ආයතනයේ නිලධාරීන් පෙන්වා දුන්නේ රුපියල් කෝටි 35 ක පමණ මූලික ප්‍රග්ධනයක් ආයෝජනය කිරීමෙන් මෙම පරීක්ෂණ පහසුකම ප්‍රතීතනය සහිතව මෙම ආයතනයේම ඇති කළ හැකි බවයි.
නොරොච්චෝල විද්‍යාගාරය සතුව ප්‍රතීතනය (Accreditation) නොමැතිවීම හේතුවෙන් එහි වාර්තා ජාත්‍යන්තරව හෝ අධිකරණයකදී පිළි නොගන්නා බව මෙහිදී අනාවරණය විය.එය ස්වාධීන තුන්වන පාර්ශවීය පරීක්ෂණාගාරයක් (Third-party independent lab) නොවීමද ගැටලුවක් බව ප්‍රකාශ කෙරිණ.
නිරීක්ෂණ චාරිකාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. කේ. එම් අස්ලම්, නීතීඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, (වෛද්‍ය) එස්. ශ්‍රී බවනන්දරාජා, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩවිතාන, චන්දිම හෙට්ටි ආරච්චි යන මහත්ම මහත්මීහුද සහභාගිවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd