
(කේ.ආර්.රාජමන්ත්‍රී)
දිටවා සුළි කුණාටුවෙන් ඌවපරණගම මස්පන්න බස් නැවතුම්පොල පස් කන්දකින් යටවු බව මාධ්‍ය හරහා මුළු ලෝකයාම දැනගතත්තා. එම පස්කන්දට බසුත් යටවුණ බව දන්නවා. නමුත් එම බස් නැවතුම්පොළේ හිමි කාරිත්වය නිලධාරීන් දන්නේ නෑ යැයි වැවිලි හා ප්‍රජා වතු යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.
නිළධාරින් තාමත් ඇස්තමේන්තු සකස්කර නෑ. ඒ එම බස් නැවතුමේ හිමිකරුවන් නොදන්නා නා නිසා. එහි හිමිකරුවන්ද සොයා දිමට තමන්ට සිදුවු බව ද අමාත්‍යවරයා පැවැසීය.
දිට්ඨා සුළි කුනාටුව සමග ඇති වූ ගංවතුරින් හානියට පත් උමා ඇළ මහා වාරි ඇළ නැවත සකස්කිරිමේ වැඩ කටයුතු ආරම්භ කිරිමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
වාරි ඇළ ප්‍රථිසංස්කරණය කිරිමේ වැඩ ආරම්භ කිරිමේ උත්සවයට එක්වු ඇමති සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසිය.
නොවැම්බර් මාසේ ඇදහැළුණු අධික වැස්ස නිසා මෙම උමා ඇළ වේල්ල නාය යැමට ලක්වුණා. එම අවස්ථාවේදි වාරි මාර්ග නිළධාරින්ගේ අධික්ෂණය යටතේ පළාතේ ගොවියන් සමග යුද හමුදාවේ සාමාජිකයන් එක්ව නාය ගිය වේල්ලට වැලි කොට්ට 8000 ක් පමණ යොදා තාවකාලිකව ප්‍රථිසංස්කරණය කළා
වගාවට අවශ්‍ය ජලය 2025 .12.12 වන දින නිකුත් කළා. අද මෙම ඇළේ ස්ථිර ප්‍රතිසංස්කරණ වැඩ ආරම්භ කළා. ඒ සදහා රජය රුපියල් මිලියන 228.6 මුදලක් වෙන්කර තිබෙනවා. දිට්වා සුළි කුණාටුව ඇතිවි අද වන විට මාස 06 ක කාලයක් ගතවෙලා. පසුගිය කාලයේ දිට්ටාවෙන් විනාශවු ස්ථාන පිළිබදව වාර්තාවක් කොළඹින් කැදවා තිබුණා.
ඒ අනුව අපි නිළධාරින් සමග බදුල්ලේදි සාකච්ඡාවක් පැවැත්වුවා. එම විපත සිදුවෙලා මාස 06 ක පමණ කාලයක් ගත වුවද නිළධාරින් තාමත් ඇතැම් ස්ථාන පිළිබදව ඇස්තමේන්තු සකසා නෑති බව හෙලි වුණා.
ඒකට හොදම උදාහරණය ඌවපරණගම මස්පන්න බස් නැවතුම්පොළට පස් කන්දක් කඩා වැටිමෙන් බස් පවා යට වු බව මාධ්‍ය හරහා මුළු ලෝකයම දන්නවා. නමුත් නිළධාරින් මේ බස් නැවතුම්පොළට අදාල ඇස්තමේන්තු මුදල තාමත් හදා නෑ. මේ පිළිබදව මම නිළධාරින්ගෙන් අහනකොට ඔවුන කට වසාගෙන හිටියා. ඒ අයට දෙන්න උත්තරයක් නෑ. පස්සේ විමසා බලද්දි එම බස් නැවතුම්පොළේ හිමි කාරිත්වය කාටද යන්න වග කිවයුතු නිළධාරින් කවුරුත් දන්නෑ.
මම එම අවස්ථාවේදිම ජිනේ අයියට (වත්මන් ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති) කිවා ඉක්මනටම මස්පන්න බස් නැවතුම්පොළේ ඇස්තමේන්තු සැකසිමේ වැඩ සොයා බලන්න කියා. අනික් කාරණය තමයි පසුගිය 24 වන දින හාලි ඇළ හා ඌවපරණගම යාකරමින් උමා ඔය හරහා දමා තිබෙන ඓතිහාසික හලාබ පාලම බලන්න අපිත් සමග නිළධාරින් කට්ටියක්ද ගියා. හිටපු ඇමති ඩිලාන් පෙරේරා මහත්යාත් එම පාලමෙන් ඇදවැටුණා. ඒ හලාබ පාලමට අතුරා තිබෙන ලෑලි දිරලා. පැති බැම්මත් පුපුරලා. දිට්වා හානියට මේ පලමේද ඇස්තමේන්තු සැකසුවේ නැත්තේ ඇයි කියා මම එහි සිටි නිළධාරින්ගෙන් ඇසුවා. නිළධාරින් එම පාලමේ අයිතිය කාටද කියා දන්නෑ. එම පාලමේ අයිතිය කාටද කියා නිළධාරින් වටේට දුරකථනයෙන් කථාකරමින් විමසනවා. මම එම පාලමේ හිම් කාරිත්වයත් කාටද කියා නිළධාරින්ට සොයා දුන්නා.
මේ වැඩේ මෙහෙම කරන්න බෑ. මොකද වන්දි දිමට ප්‍රමාදය සිදුව ඇත්තේ ඇස්තමේන්තු සකසනන නිළධාරින් ගේ ප්‍රමාදයෙන් බව ජනතාව දන්නේ නෑ. ජනතාව දොස් කියන්නේ රජයටයි. එනිසා නිළධාරි මහත්වරුන් තම යුතුකම් කොටස කඩිනමින් ඉටුකර දිටිවා සුළි කුණාටුවෙන් බැටකා සිටින අහිංසක මිනිසුන්ට හා අදාල ආයතනවලට අදාල ඇස්තමේන්තු කඩිනමින් සකසා අදාල ආයතෙවලට වන්දි ගෙවිමට පසුබිම සකස්කර දෙන ලෙසටත් ඉල්ලා සිටිනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විෂයයන් බාර ඇමතිලා විදිහට අපිට ඕං කිසිම වගකීමක් නෑ.
තහඩුවකට ලක්ෂ දහය ගානේ තහඩු කී දාහකට ගණන් හදන්නද? ඇස්තමේන්තු පරක්කු වෙන්නේ ඒකයි. මොවුන්ට ගොංකවඩි කොටන්නේ නැතුවා පුදුමයි...!
නුඹලා විපක්ෂයේ හිටියා නම් ආණ්ඩුවේ මැති ඇමැතිලා වැරදියි. තොපේ ආණ්ඩුව ආවා නම් රනිල් රාජපක්ෂලා වැරැදියි. නැත්නම් නිලධාරින් වැරැදියි. මොකෙක්ද බං හැම වෙලේම අනුන්ටම දොස් පවරන්නේ...?
මේවා දොහොත් මුදුන් දී පිළිගන්න ඩෝබි ජනතාවක් ඉන්න නිසා හොඳයි. පසුගිය ආන්ඩුවලට බැන්නේ අපරාදේ. නිලධාරින් තමයි රට මේ තත්වයට පත් කරලා තියෙන්නේ...