
(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා ටෙලිකොම්” එයාර් ලංකා සමාගම” රක්ෂණ සමාගම් සහ ලංකා හොස්පිටල් සමාගම් විකිණීමට පසුගිය රජය ගත් තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ටෙලිකොම්” එයාර් ලංකා සමාගම” රක්ෂණ සමාගම් සහ ලංකා හොස්පිටල් සමාගම් විකිණීමට පසුගිය රජය ගත් තීරණ ක්‍රියාත්මක නොකරන්නැයි ඉල්ලමින් දොස්තර ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරීය ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබෙකොන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි. දොස්තර ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් වගඋත්තරකරුවන් වශයෙන් පසුගිය රජයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂණ සංස්ථාව වැනි ලාභ ලබන ආයතන විකුණන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් පාඩු ලබන ශ්‍රී ලන්කන් සමගම අපේ බදු මුදලින් නඩත්තු කරන එක හරිම අසාධාරණයක්..., එක විකුණන්න බැහැ පාඩු ලබන නිසා එක ගන්න කවුරුවත් නැහැ... ගොඩ බිම මෙහෙයුම් අන්ශය පමණක් ඉතුරු කරගෙන ඉතුරු ටික වහලා දමන්න... මෙවැනි අනවශ්‍ය වියදම් වෙන මුදලින් රෝහල් වලට බෙහෙත්, ලංගමට බස් වැනි දේවල් ගෙන්වන්න.