නාවික හමුදාව   උතුරේ මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අද අලුයම අල්ලා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම  රුපියල් බිලියන 1.5ක් පමණ වනු ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව අල්ලා ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණ්‍ය කිලෝ 81ක් බව ද කියයි.   හෙරොයින් කිලෝ 35කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක් තිබෙන නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. 

මෑත ඉතිහාසය තුළ උතුරෙන් අල්ලා ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගයද මෙය වන බවය.