
(සුජිත් හේවාජුලිගේ)
රට ගැන සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන පරිභෝජනය කිරීමෙන් වළකින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
එසේම මේ කාලයේදී අනවශ්‍ය ගමන් බිමන්වලින් වැලකී සිටින ලෙසටද ඔහු ඉල්ලා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ ඉල්ලා සිටියේ මොරටුව ප්‍රදේශයේ වැඩසටහනකදීය.
ජයතිස්ස මහතා මෙසේද පැවසීය.
"සමස්ත ජනතාවගෙන් මේ වෙලාවේ රජයක් හැටියට ඉල්ලන ඉල්ලීම තමයි, තමන්ගේ පවුල ගැන විතරක් නෙවෙයි රට ගැනත් හිතන්න. ඒ නිසා ඉන්ධන පරිභෝජනය යම් ප්‍රමාණයකට සීමා කරගන්න. ගෙදර තෙල් තියෙනවා කියලා හිතාගෙන දුවනවා වෙනුවට යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd