
(නිමල කොඩිතුවක්කු)
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු රජය ජනතාව අමතක කර තනි පක්ෂ පාලනයක් වෙනුවෙන් කරන අරගලයක් යැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් රජය ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමේ ජනවරම ලබා ගෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්රජාතන්ත්රවාදය විනාශ කර අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් එල්ල කිරීමේ ක්‍රියාදාමයක් සිදු කරමින් පවතින බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පෙත්සම් විභාග කළ අවස්ථාව හා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
නීතියේ ආධිපත්‍යට දැවැන්ත අභියෝගයක් එල්ල කිරීම සේම යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය විනාශ කරමින් විධායකය ගන්නා මෙම උත්සාහය සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී තවත් පාර්ශ්ව ගණනාවක් සමඟ අධිකරණයමය ක්‍රියාදාමයක් තුළින් පරාජය කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd