(ඉන්දිකා රාමනායක)

වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා  විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 39 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සාදය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව ඊයේ (13) පස්වරුවේ මෙම වැටලීම සිදු කළ බව පොලිසිය කියයි .

මෙම සාදය මුහුණු පොත හරහා සංවිධානය කර ඇති බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් තරුණයන් මීගමුව, මිරිගම, මට්ටක්කුලිය, වත්තල, අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචි  කරුවන් බවත් ඔවුන් වයස අවුරුදු  20-30අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය කියයි.

මෙම සාදයේදී  හෙරොයින්, අයිස්, හෂීස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය ද තිබී පොලිසිය භාරයට ගෙන ඇත.