(ඩයනා උදයංගනී)
ෆයිසර් එන්නත වයස අවුරුදු 12 ත් 18 ත් අතර දරුවන්ට ලබාදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
දරුවන්ගේ මරණ වලක්වා ගැනීමට මේ මොහොතේ ඇති හොඳම විසඳුම එය බැවින් එම එන්නත, වයස අවුරුදු 20-30 කාණ්ඩයට නාස්ති නොකර, වයස අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩයට ලබාදීමට කටයුතු කළ යුතු බව එම සංගමය සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය වයස අවුරුදු 12ට වැඩි පාසැල් දරුවන් සඳහා ලබාදීමට අනුමැතිය දී ඇති එකම එන්නත ෆයිසර් එන්නත බැවින් එය ඔවුන්ට ලබා දී වයස 18 ට වැඩි අයට සයිනොෆාම් එන්නත ලබා දිය හැකි බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.
කෝවිඩ් හේතුවෙන් මෙතෙක් මියගිය අයගෙන් සියයට 80.7 ක් පමණ එන්නත් ලබා නොගත් අය බැවින් වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනා එන්නත් ලබාගැනීම ඉතා වැදගත් බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 18 ත් 20 ත් අතර ???
බළලා මල්ලෙන් පයින්න යන්නේ. වෛද්‍යවරුන්ගේ පවුල්වල දරුවන්ට ඉස්සෙල්ලාම ෆයිසර් එන්නත දෙන්න ඕන කියලා මේ කට්ටිය කියන්ඩ වැරදරන්නේ.