
(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකානු " ෆයිසර් " වර්ගයේ තවත් එන්නත් 150,000 ක පමණ තොගයක් අද දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
කිලෝ ග්රැම් 815 ක් බරැති මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි.
ඉන්පසුව අද දින අලුයම 02.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට , ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර ස්පුට්නික් එන්නත ගහපු මිනිස්සු ලක්ෂයකට වඩා බලා ඉන්නවා දෙවැනි එන්නත කවද්ද එන්නේ කියලා... දැන් මාස තුනකටත් කිට්ටු වුණා.. එන්නත එන පාටක්වත් නැහැ. අපි අසරණයි... අපි කාටද මේවා කියන්නේ...