
(විමුක්ති එස් රුද්‍රිගු)
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය මීළඟ අධ්‍යක්ෂකවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත කෑෂ් පටෙල් පත්කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (30) ප්‍රකාශ කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට් එරෙහිව අපරාධ නඩු විභාග වන අවස්ථාවේ ඔහු ළඟින්ම සිටි සමීපතමයකු ලෙස කෑෂ් පටෙල් සළකන අතර පළමු වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ අවස්ථාවේදී ඔහු වැඩබලන ආරක්ෂක ලේකම් ක්‍රිස්ටෝපර් මිලර්ගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කළේය.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙන්, අධිකරණ දෙපාර්තමේන්තුවෙන් සහ අනෙකුත් බුද්ධි සේවා වලින් ට්‍රම්ප්ගේ හතුරන් ඉවත් කිරීම පිළිබඳව කෑෂ් පටෙල් ප්‍රසිද්ධියේ කතා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd