IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප

(ප්‍රසාද් රුක්මල් ) 

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව  එක අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා නියම කළහ.

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගයට ඉදිරිපත් වී අංක  5 යටතේ තරග කල මාතර  මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත්  උඩුව්ට (36) , මෙම තරගය සදහා  අංක  196 යටතේ තරග කල මහනුවර  පේරාදෙණිය  මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ .එම්.ඩිලාන් සංජීව (47)යන  තරගකරුවන් දෙදෙනාට මෙසේ ඇප නියම විය .

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයකින් ගේ සංගමය හා දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කර පාස්කු දින ප්‍රහාරයෙන් අනතුරුව වසර   පහකට පසුව  පසුගිය 21 වන දින යලි ආරම්භ කල ෆොක්ස්හිල් මෝටර්රථ, යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදි පැවත්විණ.

එසේ මෝටර් රථ ධාවන තරග පැවත්වෙමින් තිබියදී තරගාවලියේ 18 වන ඉසව්ව ලෙස පැවති ෆෝඩ්/ ලේසර්මැස්ඩා එන්ජින් ධාරිතාව  1500 සී.සී.මෝටර් රථ  කාණ්ඩයේ තරගයේදී  මෙම තරගකරුවන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක එකිනෙක ගැටි එක් මෝටර්රථය ක් ධාවන  පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර් රථ අනතුර සිදුවුනැයි පොලිසිය සදහන් කළේය .



අදහස් (2)

ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප

පිටිගල මිලානෝ Wednesday, 24 April 2024 07:44 PM

ප්‍රමිතිකරණයකින් තොර මෙවන් යමලොවට සුදුසු රේස් එකක් සංවිධානය කිරීම ගැන හමුදාපති සෘජුව වගකිව යුතුයි. හමුදා පරීක්ෂණයක් පැවැත්වුවහොත් සාධාරණ විසඳුමක් සිදුවන්නේ නැත. රටේ පවතින නීතිය අනුව මේ මරණ වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගේන්න. අතුරු කමිටු අවශ්‍ය නැත. ගරු අධිකරණය ඉතුරු දේවල් බලාගනියි.

:       3       11

PATTA hora Thursday, 25 April 2024 08:14 AM

ක්‍රීඩාවක් යනු කුමක්ද නොදන්නා පොලීසිය සහ අ#@$නය. මෙහෙම ගියොත් ලංකාවේ ඇට බෝල ගහන්නත් බැරිවෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site