
(ප්‍රසාද් රුක්මල් )
දියතලාව නරියාකන්ද "ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරඟයේ" මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ තරගකරුවන් දෙදෙනා මේ මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා අද (22) නියම කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ තරගයට ඉදිරිපත් වී තරග අංක5 යටතේ තරග කල මාතර මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36) සහ තරග අංක 196 යටතේ තරග වැදුන පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.ඩිලාන් සංජීව (47) යන දෙදෙනාය.
මොවුන් දෙදෙනා ඊයේ (21) දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ තරගයට ඉදිරිපත් වී තරග වදිමින් සිටියදී මොවුන්ගේ මෝටර් රථ දෙක හදිසි අනතුරකට ලක්වීමෙන් අවුරුදු 8 ක කුඩා දැරියක ඇතුලු හත්දෙනෙකු මියගොස් 21 දෙනෙකු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ .
මින් කිහිපදෙනක් ගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය .
මෙම ෆොක්ස්හිල් මෝටර්රථ අනතුරින් තුවාල ලැබු මෙම තරගකරුවන් දෙදෙනාද දැනට දියතලාව මූලික රෝහලේ පොලිස් නිලධාරීන් ගේ ආරක්ශාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන අතර , බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා අද (22) දහවල් දියතලාව මූලික රෝහලට පැමිණ තරගකරුවන් දෙදෙනා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ වාට්ටුවට ගොස් පරික්ෂා කර බලා සැකකාර තරගකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළහ.
ඌව පලාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඒ .එම්.උපුල් චන්දන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී .බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර දයාරත්න මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හුඟක් වාහන මෙරට එකලස් කරන ලද, ලියාපදිංචි නොකරන ලද හා රක්ෂණාවරණයක් නොමැති වාහන. ඒ වගේම අනාරක්ෂිත රථ ධාවන තරඟ සංවිධානය කරන ලද සංවිධයකයිනුත් මෙවැනි අනතුරු වලට සම්පුර්ණයෙන්ම වගකිව යුතුයි. ඒ වුණාට ලංකාවේ නිසි ක්‍රමවේදයකට නීති ක්‍රියාත්මක නොවන නිසා මෙවැනි දෑ නිකම්ම පුවත් විතරයි.
නිසි ආරක්ෂාවක් නැතිව තරඟ පැවැත්වීම සම්බන්දයෙන් මෙහි සංවිධානය කරපු අයට මොකවත් කරන්න විදියක් නැද්ද නීතියෙන්. කුඩා දරුවන් රැගෙන පාර අස්සෙම රිංග ගාගෙන හිටපු වැඩිහිටියෝ, පොලිසියත් මේවා නිසි පරිදි ආරක්ෂාවක් තියෙනවද කියලා බලන්න ඇතිනේ. අනතුරු කියන ඒවා වෙන මොහොත කියන්න බෑ. පෙර සුදානම තමයි වැදගත්. මෙහෙම වෙන්න බෑ කියලා දෙයක් නෑ. එහෙම වෙන්න පුළුවන්. අනතුරු කියන්නේ එකයි..... "මියගිය කුඩා දියණිය ඇතුළු අනෙකුත් සියළුම දෙනාට නිවන්සුව පතමු".!
පාරේ දුවිලි පස්සෙන් එන කාර් එකකට පාර පෙන්නේ නෑ. ධාවන පථය හදපු බුරුවෝ කවුද?
මෙම තත්ත්වයට හේතුව සංවිධායකවරු රේස්එක ඉක්මණට නැවැත්වීමට පියවර නොගැනීමයි. රියැදුරන් වැරැදි කරුවන් නොවේ.
මේක සන්විධානය කළ යුද හමුදව සම්පුර්නයෙන්ම වගකිව යුතුයි. මොවුන්ට වැඩක් නැති නිසා මේවා කරන්නේ සල්ලි ගසාකන්න. අහින්සක ජීවිත 7ක් ඉවර කළා. මේ රටේ හමුදාව 75000 දක්වා අඩු කරන්න කියන්නේ ඒක නිසා තමයි...
Prabha, අනෙකුත් රටවල ධාවන තරඟ සඳහා යෙදවිය හැක්කේ ලියාපදිංචි කළ මෝටර් රථ පමණයි. මෝටර් රථයක් ලියාපදිංචි කිරීමට පෙර රක්ෂණාවරණයක් ගැනීම අනිවාර්යයයි. මේක ෆෝමියුලා රථවලට අදාළ නොවුණාට (හරියටම නොදනිමි), අනෙකුත් සියලුම රථ සඳහා වලංගුයි. කොහොම නමුත්, මෙරට එකලස් කරනලද නීති විරෝධී වාහනවලට ලියාපදිංචි සහතික හා රක්ෂණාවරණ කොහෙන්ද?
මෙහෙමත් මෝඩයෝ කාර් රේස් පදිනකොට අනතුරු සිදුවෙනවා එහෙම වුනහම රේස් පදින රියදුරෝ අත්අඩංගුවට ගන්නේ මොන රටේද ? නරබනන්න්ගේ ආරක්ෂාව තහවුරු කරන එක සංවිධායකයන්ගේ වගකීමක් ,
රියදුරු දෙදෙනා අත්අඩංගුවට ගැනීම නීතී විරෝධීයි. කාර් රේස් එකකදී රථ පෙරලීම, ධාවනයෙන් පිටතට පැනීම, ගිනි ගැනීම්, රියදුරන්ට මරණයට පත්වීම, වියහැකි දේවල්. නරඹන්නන් සිටිය යුත්තේ ආරක්ෂාකාරීවය. මෙය සම්පූර්ණයෙන්ම සංවිධායකයින්ගේ වැරද්දක්. ලැම්බෝගිනි , ෆෙරාරි මෝටර් රථ පවා ධාවන පථ වලින් ඉවතට පැන ගිනි ගැනීම්, රථ පෙරලීම්, ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ ධාවන තරග වල පවා දැකිය හැක. සංවිධානය කළ අයට අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් නියම කළ යුතුය.