
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
ළමා නිවාසයක රදවා සිටින ගැහැනු ළමුන් තිදෙනකු වෙසක් සිරි නැරඹීමට නිවාසයෙන් පැනගොස් සිටියදී පොලිස් භාරයට ගැනීමට හැකිවූ බව පානදුර මූලස්ථාන පොලිසිය සදහන් කරයි .
පානදුර ප්රසිද්ධ ළමා නිවාසයක කළමණාකාරිනියක විසින් කළ පැමිණිල්ලක් මත ඔවුන් මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ 17,16 සහ 15 වියේ පසුවන ළමුන් තිදෙනෙකු බව පොලිසිය සදහන් කරයි .
ගැහැනු ළමුන් තිදෙනා ළමා නිවාසයෙන් පැන පානදුර සිට කොළඹට පැමිණ වෙසක් තොරන් නරඹා , ගම්පහ සහ කුරුණෑගල දක්වා ගමන් කර තිබූ බවද පොලිසිය සදහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd