
( කේෂර ගුණතිලක)
වැල්ලවාය ඇල්ල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් පසුගියදා අතුරුදන් වූ පිරිමි ළමයි සිව්දෙනා අලව්ව ප්‍රදේශයේ එක් ළමයෙකුගේ නිවසක සිටියදී අද(22) උදෑසන අලව්ව පොලීසිය භාරයටගෙන ඇත.
අවුරුදු 16,14 වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු සහ 15 හැවිරිදි වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්වී තිබිණි.
අලව්ව ප්‍රදේශයේ පදිංචි එක් ළමයෙකුගේ නිවසකට මෙම ළමයින් සිව්දෙනා පැමිණ ඇති අතර ළමයාගේ මව විසින් ඒ බැව් අලව්ව පොලීසියට දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා නිවාස පාලනය වෙන්නේ පළාත් සභාව යටතේ පරිවාස දෙපාර්තමේන්තුව විසින් තමයි. එතකොට අලව්ව ආසන්නයේ සබරගමුව පරිවාස දෙපාර්තමේන්තුවේ වරකාපොල පරිවාස කාර්‍යාලය පිහිටුවා තියෙනවා. ඒ දරුවෝ වැල්ලවාය ඇල්ල ප්‍රෙද්ශයේ ළමා නිවාසයක නිවාස ගතකලේ කිසියම් වංචාවක් නිසාද කියලා බලන්න... අලව්ව අයිති වෙන්නේ වයඹ පළාතට වුණත් දරුවෝ ඌව පළාතේ නිවාසයට යැව්වේ මොකද?