
(ටී.කේ.ජී.කපිල)
රුපියල් 68,95,000 වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති " හරිත මාවත " (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගියකු අද සවස අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ රේගුව කියයි.
පානදුර ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි මොහු ගුවන් යානා ප්රවේශ පත්ර අලෙවි කරන්නෙකි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 44,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 222 ක් සහ විද්යුත් දුම්වැටි 15 ක් ද සඟවා ගෙන සිටියදී අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd