(රන්ජන් කටුගම්පොළ)

ලංකාවේ ආපදා කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා නෙදර්ලන්ත රජය ලබා දී තිබූ සුඛෝප භෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ. එචි. ඒම්. පවුසි මහතා සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම සහ මහජන බාර මූලධර්මය කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ඊට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ හැට හයක මුදලක් ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස නියෝග කළේය.

ඊට අමතරව අවභාවිතා කළ වාහනයේ ඡායාරූපයක් සමඟ සමාව ඉල්ලා භාෂා තුනෙන්ම පිටු බාගයක පුවත්පත් දැන්වීම් පළකරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය,

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාවේ චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් වාසිකම් පෙතසමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.