(ඉන්දිකා රාමනායක)
මඩකලපුව විශ්ව විද්‍යාලය නමින් විශ්ව විද්‍යාලයක් ඉදිකරමින් පවතින බවත් එයට සෞදි ආරබියේ තහනම් කරන ලද සංවිධානයක් විසින් ඩොලර් මිලියන 100 ක පමණ මුදලක් ලබාදී ඇති බවටත් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අතුරලියේ රතන හිමියන් නැගෙනහිර හිටපු ආණ්ඩුකර ඒ.එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා එරෙහිව මඩකලපුව පොලිස් අධිකාරිවරයා වෙත කළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධීක්ෂණය යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඉදිකරමින් පවතින මෙම විශ්ව විද්‍යාලයේ හිමිකරුවන්නේ බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම බවත් එහි අධ්‍යක්ෂකවරුන් වශයෙන් හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා ඇතුළු 7 දෙනෙක් කටයුතු කරන බවට විමර්ශනයේ දී හෙළි වී ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
එම සමාගමේ කොටස් වලින් 50% බැගින් කොටස් දරන්නේ හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා බවත් මෙම සමාගම සතුව පවතින බැංකු ගිණුම් 7 ක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.
එක්තරා විදේශිය ආයනයක් විසින් 2016.3.4 සිට 2018.1.08 දක්වා කාලය තුළ දී මෙම සමාගම බිලියන 3.64 ට අධික මුදල් ඒවා ඇති බවත්,ලැබී ඇති තවත් මුදල් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බවද ගුණසේකර මහතා කියා සිටියේය.
මුදල් විශූද්ධිකරණ පනතේ ප්‍රතිපාදන අනුව මෙම මුදල් එවන ලද්දේ කුමක් සදහා ද, මෙම මුදල් වැයකර ඇත්තේ කුමක් සඳහා ද යන්න පරීක්ෂණ පවත්වන බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් හාමුදුරුවනේ ඔබවහන්සේ මුසල්මානුවන්ට කොතනද විරුද්දව නැගී සිටින්නේ අපි ඔබවහන්සේ වෙනුවෙන් එතනය.
අනේ ඔබ වහන්සේගේ කාලය, එ්ක විමර්ශනය කරන්නේ ශාෆි ගැන විමර්ශනය කරන කට්ටියම තමයි හාමුදුරුවනේ...