IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ ජවුෆර් කාන්)

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බැනර්වලට හානි සිදුකළ බව කියන වෙනත් පක්ෂයක ආධාරකරුවකු අත්අඩංගුවට ගත් බව කාන්තන්කුඩි පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27ක් වයසැති පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

එක්තරා පක්ෂයක ආධාරකරුවන් 5 දෙනකු පමණ ඊයේ (6) රාත්‍රී 10.00 ට පමණ එම කාර්යාලය අසලට පැමිණ බැනර් ඉරා දමා ගල්වලින් පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 4 දෙනකු අත්ඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන සිදුකරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මඩකලපුව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතාගේ උපදෙස් පරිදි කාන්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (2)

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට

Thushara Thursday, 07 November 2024 06:41 PM

ඊශ්‍රායල් කාරයෙක්ද?

:       2       4

Bunny Preena Saturday, 09 November 2024 09:12 AM

යක්ෂයාට ගල් ගාණට කරන්න පෙරහුරුවක් වත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site