IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හසීනාගේ නිල නිවස කෞතුකාගාරයක් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් පැන්නූ අරගලයට ගෞරව දැක්වීම සඳහා ඇය ජීවත්වූ සුඛෝපභෝගී නිල නිවස අරගලයේ මතකයන් තැන්පත් කළ කෞතුකාගාරයක් බවට පත්කරන බව බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් පසුගියදා ප්‍රකාශ කළේය.

යෝජිත කෞතුකාගාරය ෂෙයික් හසීනාගේ පාලනයේ දුර්වලතා සහ ඇයට අග්‍රාමාත්‍ය ධුරය අත්හැර දැමීමට සිදුවූ බංග්ලාදේශ ජාතිකයන්ගේ කේන්තිය පිළිබඳ මතකයන් ආරක්ෂා කර තබනු ඇතැයි මුහම්මද් යුනුස් හසීනා ජීවත්වූ සුඛෝපභෝගී නිල නිවසේ සංචාරය කරමින් පැවැසුවේය.

රජයේ රැකියා කෝටාවට විරුද්ධව බංග්ලාදේශ විශ්ව විද්‍යාල සිසුන් පෙරමුණ ගෙන ආරම්භ කළ විරෝධතා හේතුවෙන් ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී පසුගියදා අගෝස්තු 5 වැනිදා හෙලිකොප්ටරයෙන් ඉන්දියාවට පළා ගියේය. හසීනාගේ රජය ඉවත් වීමෙන් පසුව පත්වූ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස 84 හැවිරිදි මුහම්මද් යුනුස් තෝරා පත්කර ගැනිණි.

මේ වනවිට අත් අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අධිකරණය ෂෙයික් හසීනාට විරුද්ධව වරෙන්තු නිකුත් කර ඇති අතර ඇයගේ වසර 15 ක පාලන කාලය තුළ විවිධ දූෂණ හා අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා එල්ල වෙමින් පවතී. හසීනාට ධුරයෙන් ඉවත්වීමට සිදුවූ විරෝධතාවලදී බංග්ලාදේශ ජාතිකයෝ 700 කට ආසන්න පිරිසක් මිය ගියහ.



අදහස් (3)

හසීනාගේ නිල නිවස කෞතුකාගාරයක් කරයි

Jayasekara Tuesday, 29 October 2024 03:03 PM

මම හිතන්නේ නැහැ. එහේ අරගලය සාර්ථක වුණා කියලා. තවත් රට ආපස්සට ගිහින්.

:       5       16

සෙනෙවිරත්න Tuesday, 29 October 2024 05:57 PM

එකවරම පස්සට ගියාට දූෂිතයින් ඉවත් කරලා නීතියේ ආධපත්‍ය සුරැකුණු කළ රට ඉදිරියට යාවි...

:       2       8

ගුණරත්න Tuesday, 29 October 2024 06:40 PM

හිනායනවා මෝඩ බංගලි කරන දේවල් වලට, ඕක හසීනාගේ නිල නිවස නොවේ, බංග්ලාදේශ රටේ අගමැති නිල නිවස.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site