IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හිසතෙල් ගැල්වීම උත්සවත්ශ්‍රීයෙන්

(ඩයනා උදයංගනී)

අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීමේ නැකත අද (17) පෙරවරු 7.04ට යෙදී තිබිණි. මේ වෙනුවෙන් රට ‍පුරා වෙහෙර විහාරස්ථාන ඇතුළු ස්ථාන රැසකදී නැකතට හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය ඉටුකෙරිණි.

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටි නාථ දේවාල පරිශ්‍රයේදී නැකැත් චාරිත්‍ර වලට මුල්තැන අද පෙරවරුවේ පැවැත්විණි.

වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනුනායක අහිමියන් ප්‍රමුඛ සංඝ රත්නයේ ප්‍රධානත්නවයෙන් එම උත්සවය පැවැත්විණි.

එහිදී සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව හස්තීන්ගේ හිසතෙල් ගැල්වීම සිදු කළ අතර එහිදී දළදා මාලිගයේ ඇත් පන්තියේ තායි රාජා හස්තියාගේ හිසතෙල් ගැල්වීමද සිදු කෙරිණි.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන් සහ මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

කැලණිය රාජමහා විහාරස්ථානය, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය ආදී විහාරස්ථානවලදී ද හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය උත්සවාකාරයෙන් සිදුකෙරිණි.

කොළඹ ගංගාරාමය (ඩික්සන් වසන්ත)

මහනුවර දළදා මලිගාව අසලදී 

අලුත්ගම කන්දේ විහාරය (තුසික කුමාර ද සිල්වා)

(ශාන්ත පී. බණ්ඩාර)

 

පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලි ඇතුන්ට හිස තෙල් ගෑම වනජීවී අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් තිලක් ප්‍රේම කාන්ත මහතාගේ සහභාගීත්වයෙන් අද දින 7.04 යෙදුණ මොහොතින් සිදු කෙරිණි.

වෙනදා මෙන් මෙම අවස්ථාවට දේශපාලන අධිකාරියේ කිසිවකු සහභාගී නොවීම විශේෂ සිද්ධියක් විය.

 

 



අදහස් (2)

හිසතෙල් ගැල්වීම උත්සවත්ශ්‍රීයෙන්

දාස Sunday, 17 April 2022 12:30 PM

කිසිම දේකට ඔය අපතයින් එපා...!

:       0       16

darme Sunday, 17 April 2022 02:47 PM

දේශපාලකයින්ට මේ දවස්වල අලින්ගේ තෙල් ගාන්න තියා ගෙයින් එළියට බහින්නත් බෑ. කෝ තෙල්? කෝ ගෑස්? ඊළඟට හූව හම්බ වෙන්නේ...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 189 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 395 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site