
(මහින්ද නිශ්ශංක )
ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල්ලේ හා පීපල්ස් පාර්ක් හිදි අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාජ ආලේපන තොගය සහ ව්‍යාපාරිකයින් තිදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙවැනි ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධව විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින පාරිභෝගික අධිකාරිය වෙළඳ පොළේ භාණ්ඩ පිළිබඳ ගැටලූවක් ඇත්නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd