
(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
මොරටුව ඉදිබැද්ද ප්රදේශයේ බොල්ගොඩ ගංවුරේ ස්ථාන දෙකක තිබී කඳින් වෙන් කළ හිසක් සහ පාදයක් හමු වූ බව මොරටුමුල්ල පොලිසිය පවසයි .
ඒ මොරටුව ඉදිබැද්ද කුරේ පටුමගේ ලී මඩුවක් පිටුපස තිබී කඳින් වෙන් වූ හිසක් සහ බ්ලාසියුස් පාරේ පාලු ඉඩමක තිබී පාදයක් මෙසේ හමු වූ බව පොලීසිය කියයි.
ඒ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් ගොස් සිදුකළ පරීක්ෂාවකදී මෙවා සොයාගෙන ඇතැයි පැවසේ.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී හඳුනාගත නොහැකි තරමටම නරක් වූ කඳින් වෙන්වූ පුද්ගලයෙකුගේ දකුණු පාදයක් තිබී හමුවූ බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd