
(සුජිත් හේවාජුලිගේ)
පොලිසියේ විවිධ තරාතිරම්වල නිලධාරින් තිස් අටදහසක පමණ හිඟයක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
එම තත්වය පොලිස් සේවය පවත්වාගෙන යෑමට ලොකු අභියෝගයක් බවද හෙතෙම සඳහන් කළේය.
පොලිස් මූලස්ථානය පවසන අන්දමට පොලිසියේ සිටිය යුතු මුලු නිලධාරින් සංඛ්‍යාව 84000කි
පොලිසියට තවත් දස දහසක් බඳවා ගැනීමට ජනාධිපතිවරයාගේ අවසරය ලැබී ඇති බව කී පොලිස්පතිවරයා රට බංකොලොත්භාවයට පත් වූ පසු වසර හතරකින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නොකළ බවද සඳහන් කළේය.
මේ තත්වය අන් කවර තැනකටත් වඩා විශේෂයෙන් පොලිසියට බලපෑ බව කී හෙතෙම නිලධාරීන්ට අවශ්‍ය යටි ජල පහසුකම් නොමැතිකමින් ඒ අවශ්‍යතාව තවත් තීව්ර වන බවද ප්‍රකාශ කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd