
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව හැසිරෙන ආකාරය අනුව පළාත් සභා, ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය නිසි කලට පවත්වාවි දැයි ප්‍රශ්නාර්ථයත් පැන නගින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ගාල්ලේදී පැවැසීය.
ස්වාධීන අධිකරණයක් නොමැති වුවහොත් කිසිම මිනිස් අයිතිවාසිකමක් භුක්ති විඳින්නට නොහැකි වනු ඇතැයි ද පීරිස් මහතා කීය.
ජී.එල්.පීරිස් මහතා මේ බව කීවේ ජනතාවාදී ඒ්කාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අමතමිනි.ගාල්ල නගර ශාලාවේදී අද (30)මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජී.එල් පීරිස් මහතා:-
රජය 22 වැනි සංශෝධනයෙන් යෝජනා කරන්නේ විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය අවුරුදු දෙකකින් වැඩි කරන්න. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්ද? අපි මෙච්චර කලබල වෙන්න ඕනෙද කියා සමහරුන් අපෙන් අහනවා.
මේක කිසිසේත් සිල්ලර කාරණයක් නෙවේ යැයි අපි වගකීමෙන් කියනවා. අපි මෙතෙක් දුරට භුක්ති විඳපු, අගය කරපු ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය, මිනිස් අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කරගන්නවාද? එහෙම නැත්නම් ඒ සියල්ලක්ම විනාශ වීමට අපි ඉඩ තියෙනවාද කියන ප්‍රශ්නයට තමයි අපි අද මුහුණ දෙන්නේ.
අද අප ඉදිරියේ තියෙන්නේ විකල්ප දෙකයි.නිදහස්, නිවහල් පුරවැසියන් හැටියට තවදුරටත් ජීවත් වෙනවාද? එහෙම නැත්නම් ඒකාධිපති රාජ්‍යයක් කරා යන ගමනට හිස නමා ඒකට කොටස්කරුවන් වෙනවාද?යන විකල්ප දෙක පමණයි අද ජනතාව ඉදිරියේ තියෙන්නේ. වෙන කිසිවක් නැහැ. දැන් කාලය ඇවිල්ලා තියෙනවා මේ දෙකෙන් එකක් තෝරා ගැනීමට.
මේක කිසිසේත් ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට තව අවුරුදු දෙකක් දීර්ඝ කිරීමක්ම නෙවෙයි. මේ තුළ සැඟවුණු අරමුණක් පැහැදිලිව තියෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd