(හර්ෂණ තුෂාර සිල්වා)
හංවැල්ල පරණ පාර ඇඹුල්ගම හංදියේදී අද (15) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් ය.
වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ජල්තර, රණාල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සුරේෂ් රුවන්ත නැමැති පුද්ගලයෙකි. අනෙක් පුද්ගලයා ජල්තර, රණාල පදිංචි ඉඳුනිල් වජිර කුමාර 26 වන අතර ඔහු දැනට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.
හංවැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd