
(යොහාන් භාසුර)
හංවැල්ල කේන්ද්‍ර කරගනිමින් කප්පම් ගැනීම් සහ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයකු යැයි කියන අයෙකු විදේශ රටකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පුද්ගලයා නැවත මෙරට ගෙන්වීම පිළිබඳව දැන්ම ප්‍රකාශයක් නිකුත් කළ නොහැකි බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මොහුගේ මෙහෙයවීමෙන් පසුගිය කාලයේ හංවැල්ල, කඩුවෙල සහ අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසකදී පුද්ගල ඝාතන සිදුවූ බවත් හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මීට මාසයකට පමණ පෙර නිවෙසට පැමිණ වෙඩිතබා ඝාතනය කිරීමේ මහමොලකරු ද මොහු බවත් එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට නායකයා යැයි ඇමතීමම වැරැදි ආදර්ශයකි. මොවුන් අපරාධකරුවන් මිස ගරු නම්බු දියයුතු අය නොවෙයි.