
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල ආපන ශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් බව බවට සැකකරන යතුරු පැදිය හංවැල්ල පහත්ගම අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද පස්වරුවේ සොයා ගත් බව පොලිසිය කියයි.
සොයාගත් එම යතුරු පැදියේ චැසි අංක සහ එන්ජින් අංක මකා දමා ඇති අතර ඉදිරි සහ පිටුපස අංක තහඩු ද නොමැති බවත් පොලිසිය කියයි.
යතුරු පැදියේ පැමිණි ඝාතකයන් යතුරුපැදිය එම ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුව අවට මිරිස්කුඩු හිස ඇතැයිද පොලීසිය කියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවුන් සහෝදරයා මීට සති දෙකකට පමණ ඉහත දී කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකර තිබූ අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයා පොලීසියට සහයෝගය ලබා දීම මෙම ඝාතනයට හේතු වන්නට ඇති බව බොහෝ දුරට සැකකරන සැක කරන බව පොලීසිය කියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා හංවැල්ල පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙකි.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හංවැල්ලේ ඝාතකයන් ආ යතුරු පැදිය හමුවේ
fairoos Tuesday, 20 December 2022 12:19 PM
රටේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙනකොට මෙවැනි අපරාධ ඉබේම වැඩිවෙනවා .හැමදාම මිනීමැරුම් සහ මංකොල්ල .රට මේ තත්වයට පත් කරපු කාලකන්නි දේශපාලකයන්ට සොබාදහමින් පඩිසම් ලැබේවි