IMG-LOGO

හලාවතින් ඇඹිලිපිටියේ නිවසකට ආ පිරිසක් ස්වයං නිරෝධායනයට

අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර

හලාවත ප‍්‍රදේශයේ සිටින ඥාති පිරිසක් ගෙන්වාගෙන නිවසේ නවත්වාගෙන සිටි සංවර්ධන නිලධාරිනියක්  අද 30 ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයට පැමිණි බව දැන ගැනීමෙන් පසු එහි සේවයට පැමිණ සිටි කාර්ය මණ්ඩලය සේවාවන් ලබාගැනීමට පැමිණ සිටි සමෘද්ධිලාභීන් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය බලපත් ආදිය ලබා ගැනීමට පැමිණ සිටි මහජනතාව අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිවූ බව ඇඹිලිපිටිය පොලීසිය පැවසුවේය.

ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ඇඹිලිපිටිය නව නගරය ප‍්‍රදේශයේ පදිංචි උපාධිධාරී සංවර්ධන නිලධාරිනියක නිසා මෙම කළබැගෑනිය ඇතිව තිබේ.

සමෘද්ධිලාභින් සදහා ලබාදෙන රුපියල් දස දහසේ දීමනාව ලබාගැනීමට විශාල දහසකට වැඩි පිරිසක් එහි පැමිණ සිටියේය.

රුපියල් කෝටි දහතුනක පමණ සමෘද්ධි ණය මුදල් බෙදාහැර තිබිණි. එම ණයලාභීන් ද, ඉදිරිකාලය තුල සැලසුම් සකස් කිරිමට නියමිත නිලධාරින්ද සේවාවන් ලබාගැනීමට පැමිණ සිටියහ.

මේ සම්බන්‍ධයෙන් සෞඛ්‍ය බලධාරින්ගෙන් විමසූවිට ඔවුන් පැවසුවේ එම සංවර්ධන නිලධාරිනියට හෝ පවුලේ කෙනෙකුට හෝ හලාවතින් ඔවුන්ගේ නිවසට පැමිණි පිරිසට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ඇති බවත් ඔවුන් කිසිවෙකු ආසාදිත යැයි හදුනාගෙන නැති බවයි.

දින දාහතරක් තුල ඔවුන් තුලින් යම් රෝග ලක්‍ෂණයක් මතු නොවුන හොත් බියවිය යුතු නැති බවත් සෞඛ්‍ය බලධාරීහූ කියති.
 



අදහස් (1)

හලාවතින් ඇඹිලිපිටියේ නිවසකට ආ පිරිසක් ස්වයං නිරෝධායනයට

ගමගේ Tuesday, 31 March 2020 01:03 AM

රජය සෞඛ්‍ය අංශයන් අනන්තවත් ලබාදෙන උපදෙස් නොතකා කටයුතු කරන මෙවැන්නියන්ට දඬවමක් නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site