
(ලලිත් නවරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව හලාවත නගරයේ පැවැති උද්ඝෝෂකයන් සහ තවත් පිරිසක් අතර ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය සහ යුද හමුදාව මැදිහත්ව නතර කිරීමට පියවර ගෙන ඇත.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩුවට හිතවාදීන් පිරිසක් පුත්තල නගරයට පෙළපාළියකින් එද්දී, එක්සත් ජාතික පක්ෂ සහ තවත් විරෝධතාවකට සම්බන්ධ වූ පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් දෙසනට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල වූ බව වාර්තා වෙයි.
එම ගැටුමින් වාහන දෙකකට හානි සිදුව තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලමේ බූරුවෝ...
මේකෙන් පේන්නෙ නම් මෙතෙක් දවස් කළ අරගල ප්‍රඡාතන්ත්‍රවාදිව කරන්න රඡය ඉඩ දුන්නත්, විරුද්ධ පක්ෂයේ අයට එහෙම ඉවසීමක් නැති බව නේද?
ලැජ්ජාවක් නෑ. රුපියල් 5000ට බත් පැකට් එකට රටම පාවා දෙන අඥාණයෝ...!
වැඩකට නැති නිකමුන් මෙතැන්ට ඇවිල්ලා ඉන්නේ. දූෂිත දේශපාලුවන්ගේ බත් බැලයින් ගෙනැල්ලා තියෙන විදිය ගැන දන්නෝ දනිති...