
( නිශාන්ත කුමාර )
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි.
නාය යාමේ තත්වය බරපතල විය හැකි බැවින් මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් සහ පදිකයින් තම ආරක්ෂාව පිළිබඳ විමසිලිමත් වන්නැයි මේ අතර බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලීමක් කරයි.
එසේම මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ එල් එම් උදය කුමාර මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd