IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


හාල් - පොල් ගැන ආණ්ඩුව ජනකාන්තවාදී බොරු කියනවා

(යොහාන් භාසුර)

හාල් සහ පොල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවත් ජනාධිපතිතුමා මේසෙට තට්ටු කර වී මෝල්හිමියන්ට එකඟ වියහැකි ගණනකින් හාල් මිල වැඩි කිරීමෙන් ජනාධිපති ධූරයේ තත්වය පිළිබඳව ගැටලුවත් මතුවන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (11) පැවසීය.  

සහල් සහ පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රටතුළ ඇතිව තිබෙන ව්‍යාකූල තත්වය පිළිබඳව කරුණු දැක්වීමට එක්සත් ජනරජ පෙරමුණ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසීය.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර හාල් මෝල් හිමියන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කළ ද බලයට පත්වීමෙන් පසු ඔවුන් සමඟ එකඟතාවකට පැමිණ හාල් මිල ඉහළ දැමීමට කටයුතු කළ බව කී ඒ මහතා ඇමති ලාල්කාන්ත පාර්ලිමේන්තුවෙන් එළියේ ජනකාන්තවාදී පම්පෝරි ගහන එක කරුණාකර නතර කළ යුතු බව ද සඳහන් කළේය.

ගැසට් පත්‍රය අනුව ආහාර සාධාරණ මිලටදීමේ වගකීම වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහට පැවරී ඇති බවත් රටට කිසිදු ආදායමක් නොඑන හොර කවුළුවක් වර්තමාන ආණ්ඩුවෙනුත් විවෘත කර ඇති බවත් ඒ මහතා පැවසීය. මන්ත්‍රී චාමර සම්පත් තුළ ඇති අවංක බව රන්වල තුළ තිබේදැයි සැකයක් මතුවන බව කී ඒ මහතා වී කිලෝ 100 කින් නිපදවිය හැකි හාල් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පළ කළ ද මෙරට හාල් හිඟයක් නොමැති බව ද රණවක මහතා සඳහන් කළේය.

අලි ගම් වැදී වී විනාශ වෙනවා මෙන්ම මාෆියාකාරයෝ හාල් හංගගෙන ඉන්නවා වගේ උත්තර නොදී ආණ්ඩුව වගකීම ගතයුතු බවත් ඒ නිසා ඒ වගකීම ඔවුන් ඉටු කරනවා ඇතැයි බලාපොරොත්තු වන බවත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (6)

හාල් - පොල් ගැන ආණ්ඩුව ජනකාන්තවාදී බොරු කියනවා

Chathura Wednesday, 11 December 2024 04:15 PM

මේ කතාව හරියට හරි... මේසෙට ගහනකොට අපි හිතුවා රුපියල් 50 කින් විතර හාල් මිල අඩුවෙයි කියලා.... බැලින්නම් මේසෙට ගහගහ තවත් වැඩි කරපු එක කලේ... හපොයි මෙහෙම පඹ ජනාධිපති...

:       0       0

යෝගා Wednesday, 11 December 2024 04:45 PM

එක එක්කෙනාගෙන් පිනට කකා හිටපු පචෝරිස්ලාට බලය ලැබුණාම කරකෝලා අත ඇරලා වගේ ඇති. තව ටික කාලයක් දෙන්න ඕන සිහි එළවාගන්න.

:       0       0

විපරමා Wednesday, 11 December 2024 05:17 PM

ඔයතරම් සත්‍යවාදියෝ නම් බලයේ හිටපු කාලේ වැඩ පෙන්වන්නේ නැතුව, දැනුයි අඩුපාඩු හොයන්න මතක් වෙලා තියෙන්නේ..?

:       0       0

Kamal Koyrala Wednesday, 11 December 2024 05:33 PM

මේ කොයි කවුරුවත් එක් එක් කාලවලදී බලයේ හිටි අය බැරි වුණු මාෆියා පරාජය කරන්න මේ මොකක්වත් නොවේ වත්ත බද්දට දී ඇස්සට අස්සට දත නියවනවා.. මෙන් රජය සතු සියලු පුද්ගලික කරණය කරා දැන් බලා ඉන්නවා වගේ...

:       0       1

වික්‍රම විදුර Wednesday, 11 December 2024 06:36 PM

දැං ඔහේ මේ ප්‍රශ්නයට දීපු එක පිළියමක් වත් නෑ. හාල් තියෙනවා කියලා මාධ්‍ය සාකච්චාවක් විතරක් තිබ්බා.. තියන තැන කියන්නකෝ.. පෙන්නන්නකෝ ඔහෙගේ ඉන්නවා නේද මහලොකු 43 කල්ලියද මොකක්ද මගුලක්...?

:       0       1

චින්තක Thursday, 12 December 2024 08:47 AM

මෙන්න කල එලි බැහැලා , මෙයාගේ ජනතා සේවය කොපමණද කියනවනම් ඇපත් නැතිව නේද පැරදිලා ගෙදර ගියේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 51 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 85 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 210 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 921 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 985 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 238 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1237 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 308 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site