IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හර්ෂ ඉලූක්පිටියට ඇප දෙනවා ද?නැද්ද? තීරණය පසුවට

(රන්ජන් කටුගම්පොල)

විද්‍යුත් වීසා ලබා දීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබා දීමට ගෙන ඇති තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය පසුවට ප්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

ඒ අනුව අධිකරණය අපහාසය සම්බන්ධයෙන් නඩු විභාගය සහ මීට අදාළ පෙත්සමේ විභාගය සඳහා මැයි 8 වෙනිදා කැදවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරීණ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ හිටපු ආගමන විගමන පාලකවරයා අධිකරණයට අපහාස කිරීම සහ ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදීයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන ප්‍රීතිමත්ම සූරසේන ගාමිණී අමරසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙනූ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන විගමන පාලක වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ ජ්‍යෙෂ්ඨ  පරිපාලන නිලධාරියකු වන සිය සේවා දායකයා මාස හතරක කාලයක් රිමාන්ඩ් භාරයට පත් කර සිටින බැවින් ඔහු ඇප මත මුදා හරින් යැයි කිය.

දැනට මේ අදාල ප්‍රශ්නය නිරාකරණය වී ඇති බැවින් පෙත්සම කරුවන්ද තම සේවා දායකයාට ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බවද කියා සිටියේය.

 



අදහස් (1)

හර්ෂ ඉලූක්පිටියට ඇප දෙනවා ද?නැද්ද? තීරණය පසුවට

Sudath Wednesday, 29 January 2025 02:23 PM

ටිරාන්ගේ උණ ඇඟට අරගන්නේ නැතිව රටේ පවතින නීතියට අනුව වැඩකළා නම් දැන් කෙන්දිරිගාන්න වෙන්නේ නැහැනේ මහත්තයෝ... අඩුම තරමින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ගත්තා නම් මෙහෙම බලු වෙන්නේ නැතිව තමන්ගේ ආත්ම ගෞරවය තියාගෙන ඉන්න තිබුණා.

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site