(පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මාල්)
එල් නිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2930 කට අයත් පුද්ගලයන් 11614 දෙනෙකු මේ වන විට පානීය ජල හිගයකට මුහුණ දී සිටින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ලංකාදීපයට පැවසීය.
එම ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.
බදුල්ල, මහියංගණය, හල්දුම්මුල්ල, රිදීමාලියද්ද, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට මෙම ජල ප්‍රශ්නය පවතින අතර ම මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දිවුලපැලැස්ස, රොටලවෙල, කුකුළපොළ, වේවත්ත, ඇලැවෙල, වැව්ගම්පහ, ගින්නෝරුව, විරාණගම, මිල්ලැත්තෑව, සේනානාගම, මැදයාය මාපාකඩවැව යන ග්‍රාම නිළධාරි කොට්ඨාශ 12ට මෙම තත්වය උග්‍ර අතට හැරී ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
පානීය ජල බෙදාහැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව සදහන් කළ ගලගම මහතා ජල බවුසර, ට්‍රැක්ටර් ට්‍රෙලර් මෙන්ම රියදුරන්ද ප්‍රමාණවත් නොවන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුක්ම ඇමති සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්චාවකදී මේ බව අනාවරණය වූ බව ද සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd