
(මනෝප්රිය ගුණසේකර)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා ගෙන්වීමේදී වංචාවක් කළැයි කියන සිද්ධියට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද දැනුම් දුන්නේය.
මිග් යානා ගනුදෙනුවට අදාළව රුසියාවේ හිටපු තානාපති උද්යංග වීරතුංග මහතා ට එරෙහි නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිස් නිලධාරීන් ඒ බව දැනුම් දුන්නේය.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර රුසියාවේ හිටපු තානාපති උද්යාංග වීරතුංග මහතා අධිකරණයේ පෙනී සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසීයේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වලට අදාල උධෘත නීතිපතිවරයා වෙත යොමුකොට ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවරයන් කුමක්ද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd