IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක ව්‍යාපෘතියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් ව්‍යාපෘතිය සඳහා ඉඩම ලබා ගත්තේ එවකට සිටි ඇමතිවරයාගේ වුවමනාවට බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා පැවසුවේය.

හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය සඳහා ලබා ගෙන ඇති ඉඩම විශාල අලීන් සංඛ්‍යාවක් රඳවා තැබීමට සුදුසු නොවන බව ඔහු ප්‍රකාශ කළේය.2020 වසරේදී අලි මිනිස් ගැටුම විසඳීමට ජාතික ක්‍රියාකාරී සැලසුමක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කළත් 2022 වසර වන තෙක් එම සැලැස්ම ක්‍රියාත්මක නොවූ බව පිලිපිටිය මහතා පෙන්වා දුන්නේය.පසුගියදා සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කළ බවද ඔහු පැවසුවේය.

අලියන් දේපල විනාශ කිරීම වැළැක්වීම සඳහා කළ යුත්තේ රක්ෂිත වල විදුලි වැටවල් යෙදීම නොව ආරක්ෂා කළ යුතු දේපල වටා විදුලි වැටවල් ඉදිකිරිම බව පිලිපිටිය මහතා සඳහන් කළේය.

ඉන්දියාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිසුන් වැඩි ප්‍රමාණයක් මිය යද්දී ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමෙන් අලියන් වැඩි ප්‍රමාණයක් මියයන බව පිලිපිටිය මහතා පෙන්වා දුන්නේය.

අලියන් නිකරුනේ මිනිසුන් මැරීමට පෙළඹෙන්නේ නැති බවත් බොහෝ අවස්ථාවලදී මිනිසුන්ද එයට වගකිව යුතු බවත් ඔහු පැවසුවේය.එසේම පශු වෛද්‍ය උපාධියේ වන ජීවින් පිළිබඳව තිබෙන්නේ එක් විෂයක් පමණක් බවද ඔහු සඳහන් කළේය.



අදහස් (1)

හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක ව්‍යාපෘතියක්

මිගාර Friday, 11 November 2022 09:02 PM

ඔය වගේ තමන්ට අයිති විෂය ගැන දන්නා අය නිසා තමයි රටටම මෙහෙම වුනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site