(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර නගරයේ පිහිටි  දිගන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුදුම්බර බන්ධනාගාරයේ රාජකාරි කරන නියාමක වරයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි අයෙකි.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියමින් මීට ඉහතදී සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන සිටින පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරහෙළිකරගත් තොරතුරු මත වැටලීමක් සිදුකර මෙම බන්ධනාගාර නියාමකවරයා ද හෙරොයින් සමග සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයිඑම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.