(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට හරියට ක්‍රියා කරනවා නම් ඕනෑම සහයක් ලබාදීමට විපක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය .
"ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වී ඔවුන් සමග සාකච්ඡා කර අර්බුදයට මුහුණ දෙන ලෙස අප දිගින් දිගටම කිව්වා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටේ ස්වෛරී බවට හානි වන කිසිම කොන්දේසියක් දමන්නේ නැහැ.මූල්‍ය විනය ලබා ගැනීම සහ රාජ්‍ය මූල්‍ය විනය තබාගැනීම පමණක් මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙනවා .මේ කටයුතු හරියට කරනවා නම් විපක්ෂය සම්පූර්ණයෙන් සහය දෙනවා.ඊට ආණ්ඩුව සමග සාකච්ඡා කරන්න සූදානම් යනුවෙන්ද හර්ෂ ද සිල්වා මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර යහපාලන ආණ්ඩුව කාලේ හරියටම කළා වගේ කරොත් හරි නේද?
හරියට කියන්නේ එතුමන්ලා කියන විදියට තමයි ඉතින් වෙන මොනවද ?
ඔය කියන්නේ 2015 පස්සේ කරපු විදියට ද. නෑ නැතුවට කමක් නැහැ. ඔයාලගෙ නායකයා එක්ක ඔයාල ඉන්න .
මූල්‍ය විනය ගොඩනගන්න IMF අනිවාර්ය වශයෙන් බදු විශාල වශයෙන් ඉහළ දමා රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම හා සේවක කප්පාදුව විශ්‍රාම වැටුප් හා සුබසාධන නැවැත්වීම මගින් වියදම් පාලනය නියම කළවිට විපක්ෂය ඊට සහාය දැක්වීමට එකඟතාවය පල කරනවද?