(සුජිත් හේවාජුලිගේ)

හොරකම් නොකරන මිනීමැරුම් නොකරන රට වෙනුවෙන් කැපවන තරුණ නායකයන් නිර්මාණය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

"රටේ පාලනයට අපි දැන් නාකි වැඩියි" යැයිද  ඇය සඳහන් කළාය.

ඇය මෙසේ පැවසුවේ ත්‍රිකුණාමලයේ ආනන්ද අමරපුර ධර්මරක්ෂිත මහ නිකායේ මහා නායක හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉදිරිපත් කෙරෙන තරුණ නායකයන් පවුලෙන්ම විය යුතු නැති බව ප්‍රකාශ කළ කුමාරතුංග මහත්මිය අත්තනගල්ලේ ඕන තරම් හොඳ උගත් තරුණයන් සිටින බවද පැවසුවාය.