
(ඩයනා උදයංගනී)
එයාර් බස් ගිවිසුම අහෝසි කර වන්දි ගෙවීමේ දී යහපාලන ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කළ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
හොරකම් කරන අයට දඬුවම් දෙන බව කියමින් බලයට ආ යහපාලන ආණ්ඩුවත් ඊට පෙර පැවති රජය කළ ආකාරයටම හොරකම් කළේ යැයි ද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
මේ වන විට වත්මන් ආණ්ඩුව එපා කියන ජනතාව විකල්පය කවුදැයි ප්‍රශ්න කරන බව ද කීවේය.
ඔහු මේ බව පැවසුවේ මීරිගම මුද්දරගම ප්‍රදේශයේ ඊයේ (7) පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“අපේ යහපාලන ආණ්ඩුව වැරදි කළ අයට දඬුවම් දෙනවා කියලා ඇවිත් අරගොල්ලො කරපු විදියටම හොරකම් කළා. ඊට පෙර පැවති රජය ‘එයාර්බස්’ ගිවිසුමෙන් ඩොලර් මිලියන 20ක පගාවක් ගෙන ඇති බවට චෝදනා කරමින් බලයට ආ යහපාලන රජය එම ගිවිසුම අහෝසි කරද්දී ඩොලර් මිලියන 150ක පමණ ලොකු වන්දියක් ගෙව්වා. ඒ වන්දිය ගෙවද්දී අපේ අයත් ඩොලර් මිලියන 20ක් ගසාකෑවා. පාඩුවක් වෙලා රටෙන් ගෙවීමක් කරන විටත් අපේ අය ඩොලර් මිලියන 20ක් සාක්කුවේ දාගෙන තිබුණා. අපේ නායකයා ඇතුළු අය එයට වගකිව යුතුයි. ජනතාව දැන් මේ ආණ්ඩුව අපට එපා ඒත් විකල්පය කවුද අහනවා. අපි අලුත් පක්‍ෂයක් නිසා තාම විකල්පයක් කියා හෝ ආණ්ඩුක් පිහිටුවන්න පුළුවන් කියා ජනතාව කියන්නේ නැහැ. ජනතාව තවම ඒ තීරණයට ඇවිත් නැහැ.” යැයි ද ෆොන්සේකා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට දඬුවම් කරන්න ඇයි ඔබතුමා නායකත්වය නොගන්නේ...?
ඔබතුමා රටට යමක් කරපු කෙනෙක්.. රටට දැනෙන දෙයක් කිරීම තමයි වටින්නේ...
සර්, ඔබ සැබෑ සිංහයෙක්...
ඔබතුමා සහයෝගය දෙන නායකත්වය, යහපත් පුරවසියෙක්ද කියන එක ප්‍රස්නයක් නෙමේද ?
ඔබ නිවැරදි සර්. ඔබට සුදුසු තැන ඔතන නොවෙයි. අප ඔබට කොහේ හිටියත් ගරුකරනවා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න රටට ණය නැති මිනිසා ඔබ පමණයි. ඔබ තුමාට බුදු සරණයි
"අපේ නායකයා ඇතුළු අය එයට වගකිව යුතුයි. " ඔබත් එයට වග කිව යුතු කෙනෙක් බව පිළිගැනීම අගය කළ යුතුයි.
යහපාලන පාලන සමයේදී ඔබ මෙම වංචාව ඉස්මතු කළ යුතුව තිබුණි!
ඕවා දැන දැන ඇයි විශ්වාසබන්ගයෙදී රනිල්ට පක්ෂව ඡන්දය දුන්නේ?
ඒක තමයි බමුණුආරච්චි කියන්නේ ඔක්කොම හොරු. හොරු අතරින් රටට වැඩක් කල හොරු තමයි 2005-2015 දක්වා රට පාලනය කලේ. ඒ පාලකයෝ රටට කරපු වැඩ ටික අනික් හොරු රටට කෙරුවේ නැතිව රට ට්‍රිලියන 7 තව ණය කළා නේද?
ඔබ තුමාගේ සේවය නැවතත් ලක් මාතාවට දැඩි ලෙස අත්‍යාවශ්‍ය වී ඇත .බහුතර රට වැසියන්ගේ පැතුම එයයි
ජනතාව විසින් අනුමත කල යුතු අනාගත පාලකයන් .ශ්‍රියානි බණ්ඩාරනායක ,මයිත්‍රී වික්‍රමසිංහ ,අනුර කුමාර ,කබීර් හෂීම් ,විජේදාස ,ආර් කරු ජයසූරිය යනාදිය
අපේ රටේ මිනිස්සු උඩ පැනගෙන පිළිගන්නේ හොරුන්ගේ කතා .අපිට එහෙම වෙලා තියෙන්නේ ඒකයි .මේ මහත්තයා වත් වෙන මහත්මයෙක් වත් ඉදිරියට ආවට එයාලට බලය නොදී හොරුන්ටම බලය දෙන්නේ කවුද ?මේ රටේ ඉන්නේ රැවටෙන්නම උපන් ආවඩන්නම හැදිච්ච හරක් නේද ?
හැබැයි තාමත් යහපාලනයට කඩේ යන සෙට් එකක් ඉන්නවා.
ඒ අයගේ සාක්කු එච්චර ලොකුද.?
පරණ හමුදා නිලධාරීන්ට සිවිල් පාලන කටයුතු කරන්න බැරි බව ඔබගේ කලින් හාම්පුතා ඔප්පු කර හමාරයි.
ස' යි ෆීල්ඩ් මාර්ශල් තුමයි මුහුනට මුහුන හමුවී වාදයකට ආරාධනා කලොත් ඔට්ටුයි ස' එන්නේ නැහැ. සරත් ෆොන්සේකලා ඉස්සර යුධ ප්ලෑන් ගහනකොට ස' එහෙම පැත්තකටවෙලා පුදුමෙන් බලාගෙන ඉන්න ෆොටෝ මන් දැකලා තියෙනව.
පනින්නයි සූදානම් වගේ
මේ වගේ තමන්ගේ පැත්තේ වැරදි අඩුපාඩු කතාකරන හා පෙන්වාදෙන මෙවැනි දේශපාලනඥයන් රටට වාසනාවක් .. පොලිස් ඇමතිතුමනි, නීතියේ ආධිපත්‍යය සුරකින අධිකරණ නිලධාරීවරුනි,පොලිස් බලධාරීවරුනි,මෙන්න හොඳ බලවත් සාක්ෂියක්.වහාම මේ හොරුන් අල්ලන්නට පුළුවන් නේද ? බීරි අලින් මෙන් තවත් නිහඬව නොසිට මේ ගැන වහාම නිසි පරීක්ෂණ අරඹා හොරුන්ට නිසි දඬුවම් දෙන්න.මේ වංචාකොට ඇත්තේ සුළුපටු මුදලක් නොව ඩොලර් මිලියන 20 කි.මේවා රටේ ජනතාවගේ මුදල්ය.
කාටවත් කොමිස් ගහන්න හොර බොරු කරන්න කිසිම ඉඩක් නොතබා එදා ඔබතුමා අයෝමය හස්තයකින් යුද්ධය කරගෙන ජයග්‍රහණය කරා ගෙන ගිය නිසා අද සමස්ත ජනතාවටම තිස්වසරක සාපකාරි යුද්ධෙන් ගැලවිලා නිදහසේ හුස්ම අරන් ඉන්න ලැබිලා තියනවා. ඒත් එදා ගිහි මෙන්ම පැවිදි අය අතර පවා පිරිසක් ඒ ගරුත්වය ඔබතුමාට නිසිලෙස ලැබෙනවාට එක්තරා විදියකට අකමැති බවක් දැක්වුවා. ඔවුන් නිතරම කිව්වේ ''මෙයා නෙමෙයි මේකේ වීරයා අරගොල්ලෝයි" කියලා. ඉතින් දැන්වත් රටේ මොලයක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා ඇතිනේ අරගොල්ලෝ මහ ලොකුවට කරන්න ඇවිත් ඔය හතර වටේ ගාගෙන නාගෙන නහින විදිය. එදා යුද්ධයත් ඔබතුමා නැතුව අරගොල්ලෝ විතරක් කරන්න ගියානම් සිද්ධ වෙන්න තිබුණ වින්නැහිය හිතාගන්න පුළුවන් නේද?
ඔබතුමා 2010 ජනාධිපතිවරණයට තරග කරද්දී ජනතාව හිතුවෙ යුද්ධයෙන් ජය ගත්තෙ පර්සි කියලා .නමුත් දැන් ලක්වාසීන් බහුතරය දන්නවා යුද්ධය දිනුවෙ ඔබතුමා නිසා කියලා.කොහොමත් අපි විශ්වාස කරන්නෙ රට හදන්න නම් ඔබතුමා සහ ඉංජිනේරුතුමා හැර වෙනත් අයෙක් නැහැ කියලා
මේ රට ගොඩ ගන්න නම් එඩිතර බය නැති කෙලින් තීරණ ගන්න පුළුවන් කොන්දක් තියන නායකයෙක් එන්න ඕනේ .දැනට පෙන්න ඉන්න එකම සුදුස්සා මෙතුමා තමා වෙන කිසිම මිනිහෙකුට කෙලින් තීරණ ගන්න බෑ ඔක්කොම වගේ හොරු ජේ.වී.පී එක ඇරෙන්න