
(විමුක්ති එස්. රුද්‍රිගු)
ආසියාවේ භූදේශපාලනික තත්ත්වය වෙනස් වෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාව චීනයේ හවුල්කරුවකු පමණක් නොව විශ්වාසවන්ත මිතුරකු සහ කලාපීය සහයෝගිතාවේ වැදගත් රටක් ලෙස චීනය සලකන බව ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වෙයි හුවාෂියැං මහතා ප්‍රකාශ කර තිබේ.
චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ පැවති උත්සවයකදී තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත. සමුද්‍රීය, යටිතල පහසුකම්, වෙළෙඳාම සහ ආයෝජන ක්ෂේත්රවල චීනය සහ ශ්‍රී ලංකාව පුළුල් සබඳතා ගොඩනගාගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
චීනයේ “එක් තීරයක්, එක් මාවතක්” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති චීන-ශ්‍රී ලංකා සහයෝගිතාවේ පරිමාණය සහ ගැඹුර පෙන්වන ප්‍රධාන ව්‍යාපෘති බවද තානාපතිවරයා පැවැසුවේය.
ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන සමාගම් දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් සිටින බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය.
චීනය යුද්ධයෙන් විනාශ වූ සහ දුප්පත් රටක සිට ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වූ බව සඳහන් කළ තානාපතිවරයා, එම සංවර්ධනය තුළින් චීනයට මෙන්ම ලෝකයේ අනෙකුත් රටවලටද නව අවස්ථා නිර්මාණය කිරීම චීනයේ අරමුණ බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd