(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
2023 සිට 2025 දක්වා කාලය සඳහා හරින් ප්‍රනාන්දු මහතා මෙම තනතුරේ කටයුතු කරයි.
කාම්බෝජයේ නොම් පෙන් හි පැවති දකුණු ආසියාව සඳහා වන UNWTO කොමිසමේ (CSA) 59 වන රැස්වීමේදී හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදුන් නව තනතුර පිළිබඳව නිවේදනය ප්‍රකාශයට පත් කෙරිණි.
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට ලැබීම සංචාරක කර්මාන්තයේ සුවිශේෂී උත්සාහයන් සහ දායකත්වය පිළිබඳ සාක්ෂියක් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
උප සභාපති භූමිකාවට අමතරව, සංචාරක හා තිරසාරත්වය පිළිබඳ කමිටුවේ (CTS) සහ සංචාරක හා තරඟකාරීත්වය පිළිබඳ කමිටුවේ (CTC) නියෝජිතයා ලෙස ද ශ්‍රී ලංකාව එකවර තේරී පත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්, ඔබ එයට සුදුසුයි සර්
ලාංකිකයින් දෙන්නේ නැති ගෞරවය ඔබතුමාට ජාත්‍යන්තරයෙන් ලැබී ඇත
මොහුගේ ඉතිහාසය දන්න අපි මොහුගෙන් රටට සෙතක් වෙයි කියලා හිතවාද?
පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕන එකෙක්
තාත්තා කියපු දේ අහන්නේ නැතුව අද පල්ලියට ගියා නම් ?