(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගයේ මැදි දින රැළියේදී කථික ලැයිස්තුව සකස් කිරීමේදී යම් යම් අඩුපාඩු තිබූ බැවින් ඒ පිළිබඳ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අශෝභන ලෙස හැසුරුණු බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ද ෆොන්සේකා මහතා ප්‍රකාශක කළේය.
මැයි දින පෙළපාළියේ සංවිධාන කටයුතු හරීන් ප්‍රනාන්දු මහතාට බාරදී තිබූ බවත් එහිදි ඔහු තම හිතවත් කණ්ඩායමක ප්‍රතිරූපය ඉහළ නංවන අයුරින් කටයුතු කළ බවත් ෆොන්සේකා මහතා කීවේය.
මේවා දිගින් දිගටම ගෙන ගියොත් පක්ෂයේ සමගියට බාධාවක් විය හැකි බැවින්, පක්ෂයේ දෙවනියා ලෙස ඒ ගැන මැදිහත්ව කටයුතු කළ බවත් ඔහු පැවැසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හරින්ගේ හැසිරීම අශෝභනයි
Baba Tuesday, 03 May 2022 08:05 AM
ඔබතුමා ඔතනින් අයින් වෙන්න. ඔබතුමාට තියෙන ගෞරවයත් නැතිවෙනවා ඔතන හිටියොත්. මොලේ තියෙන එකෙක් ඔතන නැහැ.
Bamunuarachchi Tuesday, 03 May 2022 09:12 AM
ඒ බව අපි පාස්කු ප්‍රහාර දින දැක්කා. හැසිරීම සෝබන උනානම් දෙවියන්ටවත් බැරි දෙයක් කරන්න තිබුනා. පාස්කු ප්‍රහාරයෙන් ජනතාව බේරා ගන්න තිබුනා.
Ranjith Tuesday, 03 May 2022 12:34 PM
රට හැදිල්ල කෙසේ වෙතත් මේ වගේ මිනිස්සුන්ගෙන් රට බේර ගන්න එක තමයි මුලින්ම කරන්න ඕනෙ.අධි මානසිකත්වයකින් කටයුතු කරන තවත් යුද්ධෙන් ගොඩයන්න දඟලන දේශපාලුවෙක්.යුද්ධය වෙනුවෙන් කල කී සාධාරණ දේවල් ගැන අගය කිරීම අපි කවදත් කරනවා.
Nikka Tuesday, 03 May 2022 01:17 PM
එයාගේ හැසිරීම ගැන අපිනම් ගොඩක් කල් දැනගෙන. ඔබතුමාට තියෙන ගෞරව නැතිකරගන්නේ නැතිව ඔබතුමා ඔතනින් අයින් වෙන්න. ඔය පක්ෂය දැන් මොන්ටිසෝරි පන්තියක් වගේ. අනාගත දැක්මක් කියලා දෙයක් හත් ගව්වක පේන්න නෑ. ඔහේ විකාර කියවනවා නායකතුමා. ගැලරියට ජෝක් කරලා ෆන් ගන්නවා.
මාලේ Tuesday, 03 May 2022 07:32 PM
නමට පමණක් සමගි... ක්‍රියාවෙන් අසමගි. කොහොම නරුම හැත්තක්ද රටේ පාලන බලේ අල්ලන්න පොර කන්නේ? මේ අයට රට බාර දුන්නොත් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයි. කාලයක් කරපු හැටි අපි දැක්කනේ. ඔය කාටවත් නැතුව අළුත් තරුණ පිරිසකටයි මේ රට බාරදිය යුත්තේ...!