(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය නොදන්නා කමට කළ ප්‍රකාශයක් බවත් ඔහුගේ ප්‍රකාශ ගාණකට නොගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා අද (20) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලස්ථානයේදී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ඉතිහාසයේ සිට ඉන්දීය ආක්‍රමණයන්ට එරෙහිව ශ්‍රී ලංකාව යුද්ධ කළ රටක් නිසා කිසිවිටක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන බව කී දිසානායක මහතා ඉන්දියාව සමඟ ඇති මිත්‍රත්වය හේතුවෙන් එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බව ද සඳහන් කළේය.
හරින් ප්‍රනාන්දු මහත්මයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ නොව යූඑන්පී එකේ සාමාජිකයෙක් බවත් ඔහුගේ ප්‍රකාශ පොදුජන පෙරමුණ සත පහකට ගණන් නොගන්නා බවත් ඒ මහතා කීය.
පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම බිංදුවටම වැටුණු බවත් වර්තමානය වන විට එහි ඡන්ද පදනම නැවත නැගිටමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරීන් නෙවෙයි තමුන් කියන දේවල්වත් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැහැ.
ඇස් බී කියන ප්‍රකාශයත් සත පහක්වත් ගණන් ගන්න එපා.
මේ අය වගේ කාලකන්නි ඉන්නකම් අපේ රට... හිඟා කකා මුලුලෝකෙටම ලැජ්ජ වෙනවා රටේ සේරම උගතුන්. පිටරටවල සේවයට යන්නේ. මොවුන්වගේ නොමේරු මොල. කස්‍රයින් රට පාලනය කරන නිසයි. නාකියට. රජයේ ප්‍රධානියෙක් හරි. ජනතා විමුක්ති පෙරමුණේ... නායකයා ඉන්දියාවේදි මේ වගෙ කතාවක් කෙරුවානම්. අද ඒ අය හිර ගෙදර. මොවුන්ට සූප්පුව ගහලා. පුන්නක්කු පොවන්න ඕන...
නොදන්නා කමට... මේ වගේ මුකුත් දන්නේ නැති අයට ඇමැතිකම් දීලා ඔවුන් නොදන්නා කමට හිතු හිතූ දේ දොඩව දොඩවා රට වලපල්ලට යවලා...
ඒකනේ... එයා බබා. අපි හාවෝ...
මේ වගේ අය තවම බයිලා කියකිය ඉන්න එක තමයි පුදුමේ...
ඔහේගේ ප්‍රකාශත් ගණන් ගන්නේ නෑ තමයි...