
(යොහාන් භාසුර)
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේ ඒකකය පසුගිය වසරේ (2023) ව්‍යාජ සංචාරක ලියකියවිලි භාවිත කරමින් නීතිවිරෝධී ලෙස විදේශගත වීමට කළ උත්සාහයන් 181 ක් ව්‍යාර්ථ කිරීමට සමත් වූ බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ 2023 වාර්ෂික වාර්තාව මෙම තොරතුරු හෙළි කළේය.
එම වාර්තාව එළිදැක්වීම බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී අද (2) පස්වරුවේ පැවැත්විණි.
ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සහ වින්දිතයන් පිළිබඳ තොරතුරු සහ මිනිස් ජාවාරම් ඇතුළු තොරතුරු එක්රැස් කර නීතිය බලගන්වන ආයතන අතර බෙදාහැරීම පසුගිය වසරේ සාර්ථකව ඉටුකර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වූහ.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධානි ආචාර්ය මොනෙට් ඩි. අසිස් යන මහත්ම මහත්මීන්, මහ බැංකුවේ මූල්‍ය අපරාධ විමර්ෂන අංශ නිලධාරීන්, ජපාන, කැනේඩියානු නවසීලන්ත සහ බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
599
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් රට පැනීමේ අවස්ථා 181ක් පසුගිය වසරේ මාට්ටු