
( රොමේෂ් මධුෂංඛ)
යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මීසාලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව ඉතා සූක්ෂමව වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව ප්‍රවාහනය කරන ලද ටිපර්රථයක් සැකකරුවෙකු සමග දින අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.
මෙම වැලි ටිපර් රථය කනගරායන් කුලම් ප්‍රදේශයේ සිට යාපනය දක්වා ධාවනය වී ඇති අතර මීසාලෙයි ප්‍රදේශයේ යොදවා ඇති පොලිස් මාර්ග බාධකයකදී මෙම ටිපර් රථය පොලීස් නිලධාරීන් නවතා ඇත.
පසුව වැලිටිපර් රථය පිළිබඳව සැක පහල වී සිදුකරන ලද සෝදිසියකදී වැලි වලට යටින් තේක්ක දැව ඇති බව අනාවරනය වීමෙන් පසුව ටිපර් රථය සමගින් එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd