(ඉන්දිකා  රාමනායක)

තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කළ තිබූ සුඛෝපභෝගී  ජිප්  රථයක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් 6 දෙනෙකු පෑලියගොඩ  අපරාධ කොට්ඨාශය මගින්   මාරවිලදී අත්අඩංගුවට ගනු ලැබීය .

මෙම නීති විරෝධී ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව  පොලිස් නිලධාරීන් ඊයේ  (22) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත .

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

ඔවුන් අද  (23) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.