IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හොරෙන් ගෙනා කෝටි 7ක දුම්වැටි විනාශ කරයි

(සුජිත් හේවාජුලිගේ )

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කෙරුණු   රුපියල් හත්  කෝටි පනස් ලක්ෂයක්  පමණ  වටිනා   දුම්වැටි ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් අද (2)  විනාශ කරනු ලැබීය.

ශ්‍රී ලංකා රේගු   දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ  මෙම දුම්වැටි තොගය විනාශ කරනු ලැබුවේ  දුම්කොළ සමාගම විසිනි.

දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගුව  මේ වසරේ මුල් මාස හයේදී කළ වැටලීම්වලදීය.

ජාවාරම්කරැවන් මෙම දුම්වැටි ගෙන ඒමෙන් වංචා කිරීමට බලාපොරොත්තුවූ බදු ප්‍රමාණය රුපියල් කෝටි 48 කි.

ගුවන් මගීන් යොදාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මෙම දුම්වැටි තොගය එම කාල සීමාවේදී  ආනයනය  කර තිබූ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

කටුනායක ගුවන්තොටුපළ  අධි අවදානම් මගීන් හඳුනාගැනීමේ ප්‍රත්‍යන්ත ආවේක්ෂණ මධ්‍යස්ථානයෙන්  සැපයූ  තොරතුරු අනුව අත්අඩංගුවට ගත්  මෙම  දුම්වැටි අතර මැන්චෙස්ටෙර්, බෙන්සන් ඇන්ඩ් හෙජර්ස්,  මල්බරෝ, ඩයමන්ඩ් යනාදී   වෙළඳ සන්නාම සහ චීන වෙළඳ සන්නාම කිහිපයක්ද   වේ.

රේගු ආඥා පනත යටතේ ජාවාරම්වලට සම්බන්ධ මගීන්ට දඩුවම් දීමෙන් පසුව දුම්වැටි තොගය මෙසේ   විනාශ කෙරුණේ  පාරිසරික ආරක්ෂාව  මූලික කරගත් ජාතික නීතිවලට අනුකූල  දැඩි රෙගුලාසි යටතේය

දුම්වැටි තොගය විනාශ කිරීම, නීත්‍යානුකූල වෙළෙඳ මාර්ගවලට පටහැනිව කරන  නීතිවිරෝධී දුම්වැටි වෙළඳාමට එරෙහිව සටන් කිරීමේ පුළුල් උපාය මාර්ගයක කොටසක් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

දුම්වැටි විනාශ කිරීමේ අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් අචල චන්ද්‍රසේකර, රේගු අධ්‍යක්ෂ (කටුනායක ගුවන්තොටුපළ) පද්මිණී කුමාරිහාමි, ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෆාරියා සුභානී, ලංකා දුම්කොළ සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී කාවින්ද නානායක්කාර, ලංකා දුම්කොළ සමාගමේ නීති විරෝධී වෙළෙඳාම් පිළිබඳ විමර්ශන අංශයේ කළමනාකරු අමිල මධුරංග යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද    සහභාගී වූහ.



අදහස් (0)

හොරෙන් ගෙනා කෝටි 7ක දුම්වැටි විනාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site